"සාළිස් වසරක මහවැලි අසිරිය" ජාතික මහෝත්සවය

සාළිස් වසරක මහවැලි අසිරිය ඡායාරූපය:  ජනාධිපති මාධ්‍ය අංශය
.සාළිස් වසරක මහවැලි අසිරිය
ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය

"සාළිස් වසරක මහවැලි අසිරිය" ජාතික මහෝත්සවය

මීට දශක හතරකට පෙර ජනවාරි 08 වැනි දිනයක පොල්ගොල්ලෙන් ඇරඹී යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පැවරීමත් සමග සනිටුහන් කෙරෙන අතර එය අභිමානවත් අයුරින් සැමරිමේ ,"සාළිස් වසරක මහවැලි අසිරිය" ජාතික මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (08) පස්වරුවේ පොල්ගොල්ල වේල්ල අසළදී පැවැත්විණි. 
 
සාළිස් වසරක මහවැලි අසිරිය ජාතික මහෝත්සවය නිමිත්තෙන් පැවති පාපැදි තරගයේ ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රධානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. 
 
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුථ අන්‍යාගමික පූජකතුමන්ලා ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුථ මැති ඇමතිවරු සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.