එජාප ඇමතිවරු ජනපති හමුවෙති

 ඡායාරූපය:

එජාප ඇමතිවරු ජනපති හමුවෙති

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරුන් පිරිසක් ඊයේ (27) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡාවක් පවත්වා තිබේ.

පසුගියදා සිදු වූ කැබිනට් සංශෝධනයත්, ඉන් ඔබ්බට ආණ්ඩුවේ ගමන්මගත් පිළිබඳව එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ බව ඊට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම් හා අජිත් පී. පෙරේරා යනාදී ඇමතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර, ඇමති ධුර තිබියදී තවත් ඇමති ධුර ලැබූ අය සිය නව වගකීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ජනාධිපතිවරයා විසින් එහිදී අවධාරණය කරනු ලැබ ඇත.