කටවුට් ඉවත් නොකළොත් නඩු:මැකොස

 ඡායාරූපය:

කටවුට් ඉවත් නොකළොත් නඩු:මැකොස

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සඳහා පවත්වාගෙන යන, අවසර ලත් කාර්යාල ඉදිරිපිට සවිකර ඇති අපේක්ෂකයන්ගේ මහා පරිමාණ ඡායාරූප සහ කටවුට් අද (2) ගලවා ඉවත් නොකළහොත්, එවැනි කාර්යාල සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඊයේ (01) ‘රැස’ කළ විමසීමකදී පැවසීය.

මැතිවරණ කොමිසම මගින් අනුමත කරන ලද ප්‍රමාණය ඉක්මවා සවි කර ඇති කටවුට් සහ ඡායාරූප ඉවත් කරන මෙන් මැතිවරණ කොමිසම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේ නොකළහොත් මැතිවරණ කාර්යාල සඳහා ලබාදී ඇති අවසර පත්‍රය අවලංගු කිරීමටද පියවර ගන්නා බව හෙතෙම පැවසීය. මැතිවරණ කොමිසම මගින් අනුමත ප්‍රමාණය ඉක්මවූ ඡායාරූප හා කටවුට් පෙබරවාරි 2 දා වන විට ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිසියටද දැනුම් දී ඇත.

මාතෘකා