19 දුර්වලතා ඇත්නම් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සංශෝධනයට සුදානම් ජනපති කියයි

19 දුර්වලතා ඇත්නම් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සංශෝධනයට සුදානම් ජනපති කියයි

දැනට ක්‍රියාත්මක වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් එහි හරය හා එමගින් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කරගනිමින්, එය තවදුරටත් පෝෂණය කරමින් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැප වී කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (06) පැවසීය.

19 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යූහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබෙන බවත්, එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලැබු සැබෑ ජයග්‍රහණයක් වන අතර අපගේ මාතෘභූමිය නූතන යුගයකට ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වූවක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
තමන් 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 19 වැනි සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරි තත්ත්වය විසඳීම සඳහා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


[අසේල ලියනගේ]

මාතෘකා