තීරණාත්මක නඩු තීන්දුව හෙට

 ඡායාරූපය:

තීරණාත්මක නඩු තීන්දුව හෙට

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය තෙවන දිනටත් ඊයේ (06) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවුණ අවස්ථාවේ ඒ පිළිබඳ තීන්දුව ලබා දීම හෙටට (08) කල් තැබිණි. මූලික අයිතිවාසිකම් පෙත්සමේ නඩු විභාගය අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙරවරු 10.00ට පමණ ආරම්භ කෙරිණි.

ඊයේ පෙරවරුවේ පෙත්සම් විභාගය ආරම්භ කරමින් අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ 1978 වසරෙන් පසුව පත් වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2) වගන්තිය යටතේ බවය. ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ අන්තර්ගත බවද පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා සිටි අතර පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවද සඳහන් කළේය.
 

[රසිකා හේමමාලි]

මාතෘකා