මිලියන 2778 ක් වටිනා හෙරොයින් තොගයක් බේරුවලින් අල්ලයි

 ඡායාරූපය:

මිලියන 2778 ක් වටිනා හෙරොයින් තොගයක් බේරුවලින් අල්ලයි

රුපියල් මිලියන  2778 ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු බේරුවල සහ බලපිටිය අතර මුහුදේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී බෝට්ටුවකින් මෙම මත්කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝ 231 ග්‍රෑම් 54 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙය මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 38 සහ 34 වියේ පසුවන බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ.
 

මාතෘකා