ඥානසාර හිමිගේ නඩුව අද ඊයේ රෝහලේ

 ඡායාරූපය:

ඥානසාර හිමිගේ නඩුව අද ඊයේ රෝහලේ

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් පෙරේදා (6) රාත්‍රී රෝහල්ගත කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට උන් වහන්සේ ඇතුළු කර ඇත්තේ මුත්‍රාශයේ හා වකුගඩුවල ගල් තත්ත්වයත් උත්සන්න වීමෙන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අසනීප තත්ත්වය නිසාම උන් වහන්සේට මීට පෙර දෙවතාවක්ම සැත්කම් සිදු කර තිබේ. මේ අතර ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළේ යයි අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලක තීන්දුව අද (8) දිනයේ ලබාදීමට නියමිතය.

මාතෘකා