අල්ලස් කොමිසම ගමින් ගමට!

 ඡායාරූපය:

අල්ලස් කොමිසම ගමින් ගමට!

අල්ලස හා දූෂණය මැඩලීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ගමින් ගමට යෑමට තීරණය කොට ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා ඊයේ ( 25 ) ‘රැස’ට පැවසීය. අල්ලස් කොමිසමේ කටයුතු විධිමත් කිරීම පිණිස උපදෙස් සහ සහාය ලබා ගැනෙන විදෙස් විශේෂඥවරයාද මෙම කටයුත්තට එක් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය සමයේ කොමිසමේ නිලධාරීන් පිරිසක් භූතානයට සහ මැලේසියාවට ගොස් එම රටවල අල්ලස හා දූෂණය මැඩලීමට ක්‍රියාත්මක යාන්ත්‍රණය සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබේ. එසේම මේ වනවිට කොමිසමට බලවත් අඩුපාඩුවක්ව තිබූ විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට රජයෙන් අවසරය ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් තරග විභාගයක් නුදුරේදීම පැවැත්වීමට නියමිතය. 
රජයේ කාර්යාල තුළදී සිදුවන අල්ලස්  හෝ දූෂණ වැරදි තුරන් කිරීම පිණිස වන යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි කොමිසම කටයුතු කරමින් සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
 

මාතෘකා