නාවික කප්පම් සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් නැවත සේවයට!

 ඡායාරූපය:

නාවික කප්පම් සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් නැවත සේවයට!

තරුණයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වන කොමදෝරු ඩී.කේ.පී දසනායක සහ කොමදෝරු සුමිත් රණසිංහ යන නිලධාරීන් නැවත සේවයේ පිහිටුවා නව තනතුරුද ප්‍රදානය කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායකට නාවික හමුදාවේ ආහාර සැපයුම් සහ  නිල ඇඳුම් සම්බන්ධ සුබසාධන අධ්‍යක්ෂ ධුරය සහ කොමදෝරු සුමිත් රණසිංහට සුබසාධන නිලධාරි ධුරය ලබා දී තිබේ.
මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගෙන්  විමසූ විට ඔහු ප්‍රකාශ කළේ නඩු විභාගයක් පවතින විට එලෙස නව තනතුරක් හෝ තිබූ තනතුරම හෝ ලබා දීම පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව වහාම ඒ සම්බන්ධව කටයුතු කරන බවයි. තමන් පසුගිය සති‍යේ තුළදී නාවික හමුදාපතිවරයා සමගද සාකච්ජා කළ බවත්, මෙම ගැටලුව අංශ දෙකකට බෙදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ආරක්ෂක අංශ සාමාජිකයෙකු අපරාධ නඩුවක සාක්ෂිකරුවකු වීම මත සේවයේ කටයුතු කිරීම එක් ක්‍රියාවලියක් වන අතර අපරාධ නඩුවක සැකකරුවකු ලෙස ඇප ලබා පැමිණීම අනුව සේවයේ පිහිටුවීම තවත් ක්‍රියාවලියකි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙවැන්නක් සිදුවී නම් එම නිලධාරීන්ගේ සේවය නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවීම සිදුවන නමුත් නාවික හමුදාව තුළ මෙවැන්නකට ඇති නෛතික ඉඩකඩ වෙනස් විය හැකි බවද ඉක්මනින් මේ සම්බන්ධව සොයා බලා නීති උපදෙස් අනුව කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.එම්.ඩී.සී.බණ්ඩාර මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට, ඒ ගැන සොයා බලා ඇමතුමක් ලබාදෙන බව පැවසුවද, පුවත්පත මුද්‍රණයට යනතුරු ඔහුගන් ප්‍රතිචාරයක් නොලැබිණි.

 
මේ අතර මෙම අපරාධ නඩුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින  නීතිඥ අසිත සිරිවර්ධන, අජිත් ප්‍රසන්න සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට, සැකකාර කොමදෝරු දසනායක විසින් පසුගිය මාර්තු 23 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුර තුළ සාදයක්  පවත්වා ඇති බව නාවික හමුදාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 
පසුගිය පෙබරවාරි 8 වැනිදා අධිකරණය හමුවට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දන්වා සිටියේ  එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද මෙම පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු ඝාතන පිළිබඳව  දැන සිට ඇති බවයි.  හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ  2008 මැයි මාසයේදී එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානයකට ලිපියක් එවමින් මෙම නඩුවේ පළමුවන සැකකරු වන ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ (කරන්නාගොඩගේ පුද්ගලික සහකාර නිලධාරිවරයා) මෙම පැහැරගැනීම් හා ඝාතන සියල්ල කළ බවට දන්වා ඇති බවද,  ඒ අනුව 2008 මාර්තු මස සිට 2009 මැයි දක්වා නාවික හමුදාවේ ආවේශන කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව කියන මෙම පැහැර ගැනීම් පිළිබඳව එවක නාවික හමුදාපතිවරයා දැන සිට ඇති බවද අධිකරණයට දන්වා තිබේ.
මීට අදාළ නඩුව ඊයේ (25) පැවැති අතර, නඩුව නැවත ලබන මැයි 03 වැනිදාට කල්දැමූ අධිකරණය, මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 

අපරාධ චෝදනාලත් නාවික නිලධාරීන්ට මෙලෙස ඉහළ තනතුරු ලබාදීම මගින් සාක්ෂිකරුවන් අධෛර්යට පත් කිරීමත්, වක්‍රාකාරව තර්ජනය කිරීමත් සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති. 
මේ අතර මෙම අපරාධ නඩුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින  නීතිඥ අසිත සිරිවර්ධන, අජිත් ප්‍රසන්න සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට, සැකකාර කොමදෝරු දසනායක විසින් පසුගිය මාර්තු 23 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුර තුළ සාදයක්  පවත්වා ඇති බව නාවික හමුදාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය පෙබරවාරි 8 වැනිදා අධිකරණය හමුවට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දන්වා සිටියේ  එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද මෙම පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු ඝාතන පිළිබඳව  දැන සිට ඇති බවයි.  හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ  2008 මැයි මාසයේදී එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානයකට ලිපියක් එවමින් මෙම නඩුවේ පළමුවන සැකකරු වන ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ (කරන්නාගොඩගේ පුද්ගලික සහකාර නිලධාරිවරයා) මෙම පැහැරගැනීම් හා ඝාතන සියල්ල කළ බවට දන්වා ඇති බවද,  ඒ අනුව 2008 මාර්තු මස සිට 2009 මැයි දක්වා නාවික හමුදාවේ ආවේශන කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව කියන මෙම පැහැර ගැනීම් පිළිබඳව එවක නාවික හමුදාපතිවරයා දැන සිට ඇති බවද අධිකරණයට දන්වා තිබේ.
මීට අදාළ නඩුව ඊයේ (25) පැවැති අතර, නඩුව නැවත ලබන මැයි 03 වැනිදාට කල්දැමූ අධිකරණය, මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 

හමුදාව විසින් අතුරුදන් කළ තරුණයන්
 
 
1 ප්‍රදීප් විශ්වනාදන් - අංක 1/6/220, වාසල පාර, කොළඹ 13
 
2 මොහොමඩ් සාජින් - අංක 40 ක්ලිප්ටන් පාර, දෙමටගොඩ, කොළඹ 08
 
3 ජමල්ඩීන් ඩිලාන් - අංක 75/12, මාලිගාකන්ද පාර, මරදාන, කොළඹ 10.
 
4 තිලෝකේෂ්වරන් රාමලිංගම් - අංක A/F/12, බ්ලූමැන්ඩල් මහල් නිවාස, කොළඹ 13.
 
5 රජිව් නාගනාත් - අංක 87, සපත්තු පාර, කොටහේන, කොළඹ 10.
 
6 කස්තුරිආරච්චිගේ ඇන්තනී - අංක 38/28, රන්නඩි පාර, කොටහේන, කොළඹ 13
 
7 කස්තුරිආච්චිගේ ජෝන් රීඩ් - අංක 38/28, රන්නඩි පාර, කොටහේන, කොළඹ 13

මාතෘකා