ජනාධිපතිවරණය 2019දී පැවැත්විය යුතුයි - පොදුජන පෙරමුණේ සභාපති ජී. ඇල්. පීරිස්

 ඡායාරූපය:

ජනාධිපතිවරණය 2019දී පැවැත්විය යුතුයි - පොදුජන පෙරමුණේ සභාපති ජී. ඇල්. පීරිස්

මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 වර්ෂයේ නොවැම්බරය සහ දෙසැම්බරය අතරතුර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා ඊයේ (9) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදී පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තාවකාලිකව ප්‍රශ්න විසඳීම සඳහා ඕනෑම දෙයකට එකඟ වන බවත්, පසුගියදා විශ්වාසභංග යෝජනාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඔහු දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගත්තේ වලිකාමම් අධි ආරක්ෂිත කලාපයේ හමුදාව යටතේ  පවතින අක්කර 650කින් හමුදාව ඉවත් කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලට දිස්ත්‍රික් ලේකම්වරු වශයෙන් දෙමළ ජාතිකයන් පමණක් පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් 10කට අගමැතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් බවත් නියම ඩීල් වන්නේ ඒවා බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කීය.

මාතෘකා

ජනප්‍රිය ලිපි