ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

 ඡායාරූපය:

ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ආණ්ඩුවට අදාළ තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (09) රැස්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මේ රැස්වීම පැවැත්වීමට නියමිත බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘රැස’ට පැවසීය. අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, එජාපය සමග ජාතික ආණ්ඩුවේ කටයුතු කිරීමේදී එකඟ විය යුතු කොන්දේසි සම්බන්ධයෙන් නැවත සලකා බැලීම ඇතුළු කරුණු රැසක් සම්බන්දයෙන් මෙහිදී අවධානයට යොමු කරනු ඇතැයිද අදාළ ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් සඳහන් කළේය.


ජනප්‍රිය ලිපි