ශ්‍රීලනිප ඇමැතිවරුන් 16කට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්

 ඡායාරූපය:

ශ්‍රීලනිප ඇමැතිවරුන් 16කට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් 16 දෙනාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද (06) එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් විසින් කතානායකවරයාට භාර දීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙකු පැවසුවේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ජාතික ආණ්ඩුවට විරුද්ධ වීමක් වන බවයි. ඔවුන් ස්වකැමැත්තෙන් ඇමැතිධුරවලින් ඉවත් නොවන බව පෙනෙන්නට ඇති නිසා මෙසේ විශ්වාසභංගයකින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන බවද එම ඇමැතිවරයා පැවසීය. අද පෙරවරුවේ මේ විශ්වාසභංගය කතානායකවරයාට භාරදීමට නියමිතව ඇති අතර, ඒ සඳහා අත්සන් ලබාගැනීම ඊයේ පස්වරුවේ සිට සිදු කෙරෙමින් පැවැති බවද එම ඇමැතිවරයා සඳහන් කළේය.

එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න ඇතුළු ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් 16 දෙනකුට එරෙහිව මේ විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කළ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නද, සිය ඇමැති ධුරවලින් ඉවත් නොවන බව මේ පිරිස පෙරේදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබිණි.

මාතෘකා

ජනප්‍රිය ලිපි