කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා යැයි පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයි - ඇමැති සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා යැයි පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයි - ඇමැති සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන යහපාලන රජය කොටි ත්‍රාස්තවාදීන්ට වන්දි ගෙවීමට පාර්ලිමේන්තුවේ අණපනත් සම්මත කර ගත්තා යැයි විරුද්ධවාදීන් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සැමට සෙවණයළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකට අද (24) දින සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

රට දැය වෙනුවෙන් ජීවිත පූජාකළ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, හසලක ගාමිණී යන නායකයින් සහ රණවිරුවන්ට වන්දි ගෙවීම, එල්. ටී. ටී. ඊ. ත්‍රාස්තයින්ට වන්දි ගෙවීමක්ද  කියා මම ඔබතුමන්ලාගෙන් අහන්න කැමතියි. යුද්ධය නිසා මෙරට දේශපාලන නායකයින් මෙන්ම අහිංසක ජනතාව ඝාතනයට ලක්වුණා. ඔවුන්ට වන්දි ගෙවීමද දේශද්‍රෝහී ක්‍රියාවක්ද කියා චෝදනා නගන පුද්ගලයින්ගෙන් මම අහනවා. එල්ටීටීඊ ත්‍රාස්තයින්ට වන්දි ගෙවනවා යැයි පවසමින් විරුද්ධවාදීන් අලංකාර ආකාරයෙන් පනත කණපිට පෙරළා රට විකුණනවා. බලයට කෑදරකමින් ඔවුන් ජනතාවගේ ‍මනස විකෘති කර අධිවේගී මාර්ගයෙන් නැවත ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට යාමේ උත්සහයක නිරත වන බව පෙනෙනවා