මිතුරු සිත්

 ඡායාරූපය:

මිතුරු සිත්

කැස්බෑ සංරක්ෂණයට නාවික හමුදාව

මෑතක සිට වඳවී යෑමේ තර්ජනයට ලක්වූ සත්ත්වයන්ගේ නාමලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කිරීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට තීරණය කර ඇති බව ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව කියා සිටියේය.

වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ කැස්බෑවන් බිත්තර දමනු ලබන සෑම වෙරළ ප්‍රදේශයකම නාවික හමුදාව කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර මෙම ව්‍යාපෘති යටතේ පසුගිය වසර දෙකක පමණ කාලය තුළ පමණක් නාවික හමුදාව මඟින් කැස්බෑ පැටවුන් 5,700ක් පමණ සාගරයට මුදාහැර තිබේ. මේ සඳහා පුහුණුව ලත් නාවික හමුදා නිලධාරීන් යොදවා ඇත. මෙම ව්‍යාපෘති යටතේ පසුගිය මාර්තු 09 වැනිදා සහ ඊයේ (11) දින සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් 250ක් සාගරයට මුදාහැරීමට කටයුතු කර තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා