පාවෙන ගලක් තල්දෙන පන්සලේ

 ඡායාරූපය:

පාවෙන ගලක් තල්දෙන පන්සලේ

බදුලු ඔයේ දිය නෑමට ගොස් ආපසු වැඩම කරමින් සිටි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩවෙ‍සන සාමණේර ස්වාමීන් වහන්සේලා පිරිසකට පන්සල් වත්තට යාබදව පිහිටි ඔය ඉවුරේ තිබී සැහැල්ලු බරකින් යුත් විශාල ගල් ගෙඩියක් හමුවී තිබේ.

සැහැල්ලු බරකින් යුත් විශාල ගල් ගෙඩියක් වන මෙය ජලයේ පාවෙන බව තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති තල්දෙන ධම්මවංස හිමියෝ පැවැසූහ. මතුපිට කඩතොලු සහිත, කලු පැහැයෙන් යුත් මෙම ගල කිලෝග්‍රෑම් දෙකක පමණ බරින් යුතු බවද විහාරාධිපති හිමියෝ පවසති. ගලෙහි ප්‍රමාණයට සරිලන බරකින් යුක්ත නොවීම නිසා කුඩා සාමණේර හිමිවරු පිරිසක් ගල රැගෙන විහාරස්ථානය අසල පිහිටි පොකුණට දමා ඇති අතර එම ගල ජලය මත පා වෙන්නට පටන් ගෙන ඇත.

ජලයේ පාවෙන මෙම අපූරු ගල දැක බලා ගැනීම සඳහා ප්‍රදේශයේ ජනතාව පෙරේදා (05) උදෑසන සිට විහාරස්ථානය වෙත පැමිණෙන්නට පටන් ගෙන ඇතැයි ද නායක හිමියෝ පැවසූහ.

මීගහකිවුල සමූහ [එන්. කුමාර]

මාතෘකා