මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ අලෙවි කළ දෙ‍ෙදනකු අත්අඩංගුවට

 ඡායාරූපය:

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ අලෙවි කළ දෙ‍ෙදනකු අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ පිරිසිදු තේ සමඟ මිශ්‍රකර අලෙවි කරන වෙළෙඳුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වී තිබේ.

තලවාකැලේ පොලිස් වසමට අයත් තලවාකැලේ නගරයේ පිහිටි බලපත්‍ර සහිතව තේ කුඩු අලෙවි කිරීම සිදු කරන වෙළෙඳසලක නීතිවිරෝධි ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු ඉවත දමන ලද කසළ තේ පිරිසිදු තේ කුඩු සමඟ මිශ්‍ර කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තලවාකැලේ පොලිසිය වෙත බාර දීමට පියවර ගෙන තිබිණි.

පුද්ගලයකු ගෙන් ලද තොරතුරකට අනුව පසුගියදා (04) මෙම වැටලීම සිදුකළ අතර එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 115ක් ද සොයා ගෙන තිබේ. දිගුකලක සිට හැටන් කොටගල ප්‍රදේශයේ ස්ථානයකින් ඉතා අඩු මිලකට කසළ තේ මිලදී ගෙන මෙලෙස හොඳ තේ සමඟ මිශ්‍රකර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම පවත්වා ගෙන ගිය බවට පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.

තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තලවාකැලේ පොලිසිය පැවසීය.

හැටන් සමූහ [චන්දන ජයවීර] සහ හැටන් [මනුර සෙල්ලහේවා]

මාතෘකා