ගිරාදුරුකෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසක ජලාශ විනාශ වී යෑමේ තර්ජනයක

 ඡායාරූපය:

ගිරාදුරුකෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසක ජලාශ විනාශ වී යෑමේ තර්ජනයක

මහියංගණ ගිරාදුරුකෝට්ට හා ඒ අවට ප්‍රදේශයන්හි පිහිටි වැව් හා ජලාශ රැසක් මේ වන විට ගොඩවීමේ හා ජලජ පැළැටිවලින් වැසී යෑමේ තර්ජනයකට ලක්ව තිබේ. මීට අමතරව එම ජලාශ පුරා විවිධ ජලජ පැළැටි පැතිර යෑමට පටන්ගෙන ඇතැයිද එම ප්‍රදේශවල ගොවි ජනතාව පවසති.

වසර ගණනාවක් තිස්සේ මෙම ජලාශ නිසි නඩත්තුවකට ලක් නොවීමත් ජලාශ ආශ්‍රිතව සිදු කෙරෙන අනවසර ඉදිකිරීම්, අනවසර ගොවිතැන් කටයුතු ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම් මීට හේතුවී ඇතැයිද ඔවුහු පවසති. ජලාශ මතුපිට වසාගෙන ඇති ජලජ පැළෑටි හේතුවෙන් මෙම ජලාශයන්හි ජලය අවපැහැ ගැන්වී ඇති අතර එම ජලය දැඩි දුර්ගන්ධයකින් යුතු බවද ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙම තත්ත්වය මත ජලාශවල මිරිදිය මතස්‍ය ව්‍යාපාරය බිඳ වැටී ඇති අතර සෙසු ජලජ ජීවීන්ගේ පැවැත්මටද දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම ගැටලු හේතුවෙන් මේ වන විට එම පිරිස් උග්‍ර පානීය ජල ගැටලුවකටද මුහුණ දී සිටිති.

විශේෂයෙන්ම ලොග්ගල්ලා ඔය ජලාශය, නුරානියා වැව, දම්බරාව වැව, පගරගම්මන වැව ආදී ප්‍රධාන ජලාශ රැසක්ම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇතැයි ගොවීහු පවසති. මෙම ජලාශ වහා පිළිසකර නොකළහොත් ඉදිරියේදී මෙමඟින් දියවර සැපයෙන කුඹුරු ඉඩම්වල වගා කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ලවිය හැකි බැවින් අදාළ ජලාශ පවිත්‍ර කර දෙන්නැයි ප්‍රදේශයේ ගොවීහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

මීගහකිවුල සමූහ [එන්. කුමාර]

මාතෘකා