නාවලපිටියට නව එජාප සංවිධායකවරයෙක්

 ඡායාරූපය:

නාවලපිටියට නව එජාප සංවිධායකවරයෙක්

නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරයා වශයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතාව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

මෙසේ පත්වූ සසංක සම්පත් සංජීව මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (15) නාවලපිටිය නගරයේදී පැවැති අතර ඊට අති විශාල ජනතාවක් සහභාගි වී සිටියහ. නාවලපිටිය ආසනයේ සියලු ජනතාවගේ සහාය ලබා ගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව ඒ මහතා එහිදී පැවසීය.

නාවලපිටිය ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට අභියෝගයක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

[අසේල කුරුළුවංශ]

News Order: 
2
මාතෘකා