අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ සන්තු­ෂ්ටිය හා පීඩි­තයා

 ඡායාරූපය:

අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ සන්තු­ෂ්ටිය හා පීඩි­තයා

අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ සාද­ය­කදී දක්වන ලද අපූරු රංග­න­යක් අන්තර් ජාලය පුරා වෛරල් වෙමින් පවතී. ඒ කුඩා වීඩි­යෝව අන්තර් ජාල­යට එක් කර­න්නට ඇත්තේ අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට පහ­ර­දී­මට වුවත් වැල්ලෙත් බඹ­රය කැර­කැ­වෙන නිසා එය ඔහුට පෙරළා ජන ප්‍රසා­ද­යක් එකතු කර දෙන්නට සමත් වී තිබේ. 
රනිල් වික්‍ර­ම­සිං­හගේ පරම හතුරු දේශ­පා­ලන මත­ධා­රීන් පවා ෆේස්බුක් එකෙහි අද­හස් පළ කර තිබුණේ ඔහුට පක්ෂ­පා­තීව මෘදු ස්වර­ය­කිනි. ඒ අතින් අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ වාස­නා­ව­න්ත­යෙකි.
 
මිනි­සුන් කෙත­රම් දුක් වින්දත් හැකි සෑම මොහො­ත­කම විනෝද වීමට අව­ස්ථා­වක් ලැබෙන්නේ නම් උප­රි­ම­යෙන් විනෝද වීම මිනිස් ස්වභා­ව­යකි. ස්ථිර ආදා­යම් මාර්ග­යක් නැතිව ජීව­ත්වෙන මිනි­සුන් පවා තම දරුවා කොට­හළු වූ විට හැකි උප­රි­ම­යෙන් උත්ස­ව­යක් ගෙන ප්‍රීති වෙන හේතු අතර ඒ මිනිස් ස්වභා­ව­යද පවතී. තමන්ගේ ගෙද­රට, තමන්ගේ පවු­ලට, තමන්ගේ ප්‍රදේ­ශ­යට කෙත­රම් ව්‍යස­න­යක් වුවත් ටික කල­කින් පසුව ඒවා අම­තක කර දමා විනෝද වන අව­ස්ථා­වක ඊට සහ­භාගී වීම ජන ස්වභා­ව­යයි. එය ජීවි­තය පිළි­බ­දව ගැඹු­රින් සිතන කල ධනා­ත්මක චින්ත­න­යකි.

නමුත් සිංහල බෞද්ධ සමා­ජයේ මේ භෞති­ක­යට පිටුපා බොරු සෝබ­න­යක් ඉස්ම­ත්තට ගෙන තිබේ. ඒ අනුව සිංහල බෞද්ධ සමා­ජයේ ඊනියා සදා­චා­රය වන්නේ දුකින් පෙළෙන සමා­ජ­යක ප්‍රීති වීම නුසු­දුසු ක්‍රියා­වක්ය යන්නයි. සාමා­න්‍ය­යෙන් වෙනත් ආගම් අද­හන ජන කොටස් තුළ මෙවැනි ඊනියා සදා­චා­ර­යක් දක්නට නොලැබේ. ඊට හොදම සාක්ෂිය වන්නේ වෙහෙ­ස­කර සති­යක සති අන්ත නිවා­ඩුවේ කොළඹ සත්වෝ­ද්‍යා­නයේ, විහාර මහා දේවි උද්‍යා­නයේ හා වෙනත් එවැනි විනෝ­ද­ජ­නක ස්ථාන­යන්හි ජන සහ­භා­ගී­ත්වය නිරී­ක්ෂ­ණය කිරී­මයි.

ජීවි­තයේ සතුට, ප්‍රීතිය, සංතෘ­ෂ්ටිය උප­රි­ම­යෙන් භුක්ති විදීම නොකළ යුතු බවක් සිංහල බෞද්ධ සමා­ජයේ ගතා­නු­ග­තික තීරුව තුළ අද­හ­සක් ලෙස පවතී. එහෙත් සමා­ජයේ ඉහළ පන්තිය හා පහළ පන්තිය තුළ එවැනි රූපික අද­හ­සක් නොමැත. එනිසා පව­තින සමාජ භෞති­ක­යට පිටු­පෑම යථා­ර්ථ­යට කරන නිග­රු­වකි. ඒ මිථ්‍යාව තුළ සිංහල බෞද්ධ සමා­ජයේ ගතා­නු­ග­තික තීරුව ඇලී ගැලී සිටී.
අග්‍රා­මා­ත්‍ය­ව­රයා සුහද සාද­යක නර්ත­න­යක් ඉදි­රි­පත් කිරීම වීඩි­යෝ­වක් ලෙස සකසා අන්ත­ර්ජා­ල­යට යොමු කිරීමේ ඉල­ක්කය වන්නට බෙහෙ­වින්
ඉඩ ඇත්තේද මේ සිංහල බෞද්ධ ගතා­නු­ග­තික සමා­ජය තුළ ඔහු අප­කී­ර්ති­යට පත් කර­න්නට වන්නට හැකිය. නමුත් රූපික ජන මත­යට වඩා භෞති­කය ශක්ති­මත් නිසා සමා­ජය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ නර්ත­නය ඔහුට එරෙ­හිව අවි­යක් ලෙස භාවිතා නොක­රයි. ඊට හේතුව මිනි­සුන්ගේ හෘදය සාක්ෂිය ප්‍රමුඛ  වන නිසාය.

අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ මේ වීඩ­යෝ­වෙන් ඔප්පු කළේ මොන ප්‍රශ්න තිබු­ණත් ඔහු රස­කා­මි­යකු බවය. විනෝද වීම­ටත් ජීවි­තය අර්ථ­වත් කර ගැනී­ම­ටත් ඔහු ළැදි බවය. ඒ රස­කා­මී­ත්වය ප්‍රද­ර්ශ­නය කළා නම් මීට කලින් එලෙස හැසි­රුණු එකම ලාංකික රාජ්‍ය නාය­කයා හිටපු අග්‍රා­මාත්‍ය කොත­ලා­වල විය හැකිය. එහෙත් ඔහු වග­කී­මෙන් තොරව ජීවත් වූ චරි­ත­යක් ලෙසද ප්‍රසි­ද්ධය. එහෙත් උසස් අධ්‍යා­ප­න­යක් ලැබූ වත්මන් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ මේ හැසි­රීම ඊට වඩා වෙනස්ය.

ධන­පති සමා­ජය තුළ ජීවි­තයේ ආහ්ලා­ද­ජ­නක ස්වරූ­පය ඉස්ම­ත්තට ගැනීම පුදුම වන්නට හේතු­වක් නොවේ. පීඩිත සමා­ජය තුළ වුවද ඒ විවෘ­ත­භා­වය පවතී. නමුත් සදා­චා­ර­මය බැදී­ම්ව­ලින් ආවෘත ජීවි­ත­යක් ගත කරන්නේ මැද පන්ති­යයි. බොහෝ විට එවැනි ඊනියා සදා­චා­ර­ය­කින් කුටු­ම්භය තුළ හිර වෙන්නේ මැද පාන්තික  ගතා­නු­ග­තික සමාජ තීරු­වය.  අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිං­හගේ පන්ති පද­නම අනුව මෙලෙස විනෝ­ද­යෙන් හැසි­රීම ප්‍රශ්න කළ හැක්කක් නොවේ. ඒත් වීඩි­යෝව අන්ත­ර­ජා­ල­යට එක් කළ පිරිස තැත් කළේ දුක් විදින හා ප්‍රශ්න වලින් පිරි සමා­ජ­යක එය නොතකා අග්‍රා­මා­ත්‍ය­ව­රයා සතු­ටෙන් ප්‍රීති­යෙන් විනෝද වන බව පවසා අග­ති­යට පත් කිරී­ම­ටය.

ඔහුගේ දේශ­පා­ල­නය නව ලිබ­ර­ල්වා­ද­යට පක්ෂ­පා­තීය. ඔහු උත්සාහ ගන්නේ මුළු රටම ප්‍රාග්ධන අව­ශ්‍ය­තා­වන්ට නතු කිරී­මට ය. එය ඔහුගේ පන්ති දේශ­පා­ල­නයේ යථා­ර්ථ­යයි. අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ මේ දේශ­පා­ල­නය බර­ප­තළ ලෙස විවේ­ච­න­යට ලක් කළ යුතු වීම ඔහුගේ නර්ත­නය ඇගැ­යී­මෙන් අව­ලංගු වන්නේ නැත. නව ලිබ­ර­ල්වා­ද­යට එරෙහි විය යුතුය.
 
ඒ නිසා අග­ති­යට පත්වන පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටිය යුතුය. අග්‍රා­මා­ත්‍ය­ව­රයා අද ලබන සන්තෘ­ෂ්ටිය පීඩිත සමාජ තීරු­ව­ටද උදා කර දිය හැක්කේ ඒ මාර්ග­යෙනි. සන්තෘ­ෂ්ටිය ලබ­න්නාට  කුහ­කව ගැර­හීම විමු­ක්ති­යට යන මාර්ගය නොවේ.
 
[කේ.ජී. පිලිප් ශාන්ත] 
මාතෘකා

ජනප්‍රිය ලිපි