පොරොන්දු ඉටුකරන්න බැරි ආරක්ෂාව ගැන බලයක් නැති අමාත්‍යාංශ කිසිවක් නැති ගොපල්ලව වර්ගයේ 2020 ජනපති

 ඡායාරූපය:

පොරොන්දු ඉටුකරන්න බැරි ආරක්ෂාව ගැන බලයක් නැති අමාත්‍යාංශ කිසිවක් නැති ගොපල්ලව වර්ගයේ 2020 ජනපති

 

 

සාර්ථක ජනාධිපතිවරණ ව්‍යාපාර දෙකක්

පසුගිය සතියේ එළිදැක්වීය. ඉතා පුළුල්ව ප්‍රසිද්ධියට පත්කර, මැනවින් ඉදිරිපත් කරනු ලැබූ මේ රැස්වීම් දෙකෙහිදී ඒ අපේක්ෂකයෝ තම ප්‍රතිපත්ති ඉදිරිපත් කර සිටියහ. මේ අතුරින් එක්

අපේක්ෂකයකු ටෙලිප්‍රොම්ප්ටරය භාවිත කරමින් ඉතා දීර්ඝ කතාවක් සිදුකළේ පාර්ලිමේන්තුවේදී විවෘතව අදහස් දක්වන්නාක් මෙන් ගාම්භීර විලාසයකිනි. තවත් අපේක්ෂකයකු තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් සමානාත්මතාවාදී රැඩිකල් වැඩපිළිවෙළක් ස්ථාපිත කරන බව උස් හා ගොරෝසු හඬින් කියා සිටියේය.

මේ අපේක්ෂකයන් දෙදෙනාගෙනුත් ජනාධිපතිවරණයට

ඉදිරිපත්ව සිටින අන් අයගෙනුත් මහජනතාව වෙනුවෙන්

ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය කුමක්දැයි යන පැනය

විමසිය යුතුය.

ඊළඟ ජනාධිපතිවරයාට තමාගේ පොරොන්දු මාලාව ක්‍රියාත්මක කළ හැකිද?

වත්මන් ව්‍යවස්ථාවේ සඳහන් නියමය වන්නේ කැබිනට්

මණ්ඩලයේ බහුතරය හිමි පාර්ශ්වය ආණ්ඩුවේ ගමන් මාර්ගය සහ පාලනය හිමිකරගෙන සිටින බවයි.

පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ සහ සාමූහික වගකීම ඇත්තේ කැබිනට් මණ්ඩලයටය. ජනාධිපතිවරයාද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර ඔහු එහි ප්‍රධානියා වෙයි. 43 (2) වගන්තිය අනුව ඇමතිවරයකු ලෙස පත්කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණි.

19 වැනි සංශෝධනයේ පරිවාස බලය පැවරීමේ විධිවිධාන

අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂක,

මහවැලි සහ පරිසර අමාත්‍යාංශවලට තමා පත්

කරගැනීමට අවස්ථාව සැලසේ. ඉහත බලය පැවරීමේ

අයිතිය ජනාධිපතිවරයාට හිමිවන්නේ ජනාධිපති ධුරයේ කටයුතු කරනතාක් පමණි. මීළඟ ජනාධිපතිවරයාට

කිසිදු අමාත්‍ය ධුරයක් හෝ ආණ්ඩුවේ කොටසක් ලෙස ක්‍රියා කිරීමට අවස්ථාවක් නැත. ඔහු කැමති නම් ඔහුට කැබිනට් රැස්වීම්වල සභාපති ලෙස අසුන්ගෙන තම

අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. ඒ අතර ඔහු විසින් නොකරනු ලැබිය යුතු කාරණාද තිබේ. මනාව ස්ථාපිත කළ කැබිනට් මණ්ඩලයේ විෂයන් සම්බන්ධයෙන්

පත්කළ ඇමතිවරුන් සම්බන්ධව තමන්ගේ ‘ප්‍රතිපත්තිය’ ප්‍රකාශ නොකළ යුතුය.

මීළඟ ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශයට පත්විය හැකිද?

ව්‍යවස්ථාවේ 43 (2) වගන්තියෙන් කියැවෙන්නේ

ජනාධිපතිවරයා ඇමතිවරුන් පත්කරන්නේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින්ය යනුවෙනි. මීළඟ ජනාධිපතිවරයා

පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් නොවේ. වර්තමානයේ පවතින අන්තර්වාර විධි විධාන නොපවතින අතර ඒ නිසා ඔහුට කිසිදු අමාත්‍යධුරයක් දැරීමට නොහැකිය.

ජනාධිපතිවරයාගේ රාජකාරීමය අයිතීන් අතර සෑම මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි අතර ඡන්දය ප්‍රකාශ කිරීම හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතු සියලු වරප්‍රසාද ජනාධිපතිවරයකුට හිමිය. මේ හේතුවෙන් ඔහු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් නොවේ. 91 වගන්තිය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් නොලබයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් මහජනතාවගේ විධායක බලය, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ජනාධිපතිවරයා දැරිය යුතුයැයි ආරම්භක 4 වැනි වගන්තියේ සඳහන්ව තිබේ. 33 (2) (ජී) වගන්තිය යටතේ යුද්ධය සහ සාමය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ආරක්ෂාව සහ ඊට අදාළ ක්‍රියාකාරකම් සඳහා එසේ වුවත් සැබැවින්ම ඊට දුරස්ථ සහ සුවිශේෂ වූ අධිකරණ,

සෞඛ්‍ය හෝ විදේශ කටයුතු සම්බන්ධයෙන් එසේ සිදුවන්නේ නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට තමා වෙත ඕනෑ තරම් විෂයන් සහ ක්‍රියාකාරකම් පවරාගත හැකිව තිබූ අතර ඒ වෙනුවෙන් තමාට අවශ්‍ය තරම් අමාත්‍යාංශ පවරාගත හැකිව තිබිණි. මේ අසාමාන්‍ය බලතල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කරන ලදි.

ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවල අණදෙන්නා යැයි තර්කයක්ද පවතියි. 1972 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා නිතැතින්ම ආරක්ෂක අමාත්‍යවරයා වේ. 1972 ව්‍යවස්ථාව අනුව විලියම් ගොපල්ලව රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ හමුදාවල අණදෙන්නා ලෙස හඳුන්වා තිබේ. එහෙත් මේ ගම්භීර තනතුරු ප්‍රකාරව ඔහුට විශේෂ බලයක් තිබුණේ නැත.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිවිල් පරිපාලනයට වගකියන හමුදාවක් නිර්මාණය කිරීමට, හමුදාවේ අණ දෙන්නා රජයේ ප්‍රධානියා බවට පත්කර තිබේ. එක්සත් රාජධානියේ හමුදාවේ අණ දෙන්නා වන්නේ මහ රැජනයි. එහෙත් මේ නිසා ඇය කවර දිනකවත් ආරක්ෂක අමාත්‍ය ධුරය ඉල්ලා සිටියේ නැත.

මීළඟට එන ජනාධිපතිවරයාට කැබිනට්ටුවේ සංයුතිය වෙනස් කළ හැකිද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ඇමැතිවරු හෝ නියෝජ්‍ය ඇමැතිවරු ඉවත් කළ හැක්කේ අගමැතිවරයාගේ උපදෙස් මත පමණි. බලයේ සිටින අගමැතිවරයාගේ බලතලද අඩුකර තිබේ. 43 (3) වගන්තියට අනුව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ බලතල සහ සංයුතිය වෙනස් කිරීමට හැකියාව ලබාදී තිබේ. ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ බලතල වෙනස් කිරීම අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් පමණක් සිදුකරනු ලැබිය යුතු බව වඩාත් ශක්තිමත් කිරීමට 46 (3) වගන්තිය වැඩි ශක්තියක් සපයයි.

43 (3) වගන්තිය යටතේ ඇමතිවරයකුගේ විෂයන් සහ ක්‍රියාකාරකම් වෙනස් කිරීමට ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල 43 (2) වගන්තිය යටතේ ඇති බලතල වලට වැඩි සුදුසුකමක් එක්කරයි. උදාහරණයක් ලෙස එක් ඇමතිවරයකුගෙන් උසස් අධ්‍යාපනය ඉවත්කර වෙනත් ඇමතිවරයකුට එය පැවැරීමට ඔහුට හැකිය.

උසස් අධ්‍යාපන ඇමතිවරයකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා තිබියදී අගමැතිවරයා එය අනුමත කරනතුරු බලා සිටීමට සිදුවේ නම් නොවැම්බරයේ බලයට එන ජනාධිපතිවරයා කවුරු වුවත් ඔහුට වත්මන් අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය සමඟ සහජීවනයක් පවත්වාගෙන යෑමට සිදුවනු ඇත. අඩුම ගණනේ ඊළඟ මහ මැතිවරණය එළැඹෙන තෙක් ඔහුට සහජීවනයෙන් සිටීමට සිදුවනු ඇත. මීළඟ මහ මැතිවරණය එනතෙක් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට නව ජනපතිට හැකිවන්නේ නැත.

ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය ජනමත විචාරණයකින් විනා වෙනස් කළ නොහැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තියට අනුව

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්විය යුතු අතර ධුර කාලය වසර පහකට සීමා වියයුතු බව සඳහන් වේ. 83 වැනි වගන්තිය අනුව 30 වැනි වගන්තියේ (2) වැනි පරිච්ඡේදයේ සඳහන්ව ඇති පරිදි ජනාධිපතිවරයකුගේ ධුර කාලය වර්ධනය කරගත හැක්කේ නීතිය අනුව පමණක් බවත් ඒ සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය හිමිවිය යුතු බවත් සඳහන් වේ. මේ නිසා ජනාධිපතිවරයාගේ රාජකාරී කාලය දීර්ඝ කිරීමට ඇති එකම ක්‍රමවේදය ජනමත විචාරණයකින් මහජනතාවගේ කැමැත්ත දිනා ගැනීමයි.

ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රමය වෙනස් කළ හැකිද?

මේ සඳහා පනතක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබීම ප්‍රමාණවත්ය. මේ නිසා මීළඟ ජනාධිපතිවරයා හුදෙක්ම චාරිත්‍රානුකූල ස්වභාවයෙන්ම පවතිනු ඇතැයි පෙනී යන කරුණකි. එසේ නම් ප්‍රධාන දේශපාලන පක්ෂ රුපියල් බිලියන ගණන් වැය කරමින් දහස් ගණන් මහජනතාවගේ

ආරක්ෂාව පරදුවට තබාගෙන දින සියයකට ආසන්න කාලයක් වෙහෙස වෙමින් මීළඟ ජනාධිපතිවරයා තේරීමට සූදානම් වන්නේ ඇයි?

මේතරම් කාල පමාවක් සිදුවී තිබියදීද අපගේ අසල්වැසි ඉන්දියාව සහ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් මැතිවරණ පැවැත්වීමේ කටයුත්ත පාර්ලිමේන්තුවට හෝ ජාතික වශයෙන් පිළිගත්, දැනුමැති, අත්දැකීම් සහිත පිරිසකගෙන් සමන්විත ප්‍රජාතන්තවාදී නිර්දේශපාලනික ජනාධිපතිවරයකු තේරීමේ ඡන්ද විද්‍යාලයකට මේ කටයුත්ත බාරදෙනු ලබයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේ එනම්, 2000 වසරේ කෙටුම්පත් කළ ජනාධිපති ධුරය පාර්ලි මේන්තුව මඟින් තෝරා ගන්නා ක්‍රමය ගැන දැන් කතාබහක් නැත්තේ මන්දැයි යන්න ගැටලුවකි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභාවන් දෙකෙන් තෝරාගත යුතු යැයි තම ලිඛිත ව්‍යවස්ථාවේම සඳහන් වුණත් එක්සත් ජාතික පෙරමුණේ වත්මන් නිහඬතාව ප්‍රශ්නාර්ථයක් මතු කරයි. ජනාධිපති ක්‍රමයකට ප්‍රතිවිරුද්ධව සිටින ජනතා විමුක්ති පෙරමුණද තමන්ගේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් මීළඟ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගතයුතු බව යෝජනා කරයි.

විධායක ආණ්ඩුවක බලපෑම්වලට පාර්ලිමේන්තුව ලක්වීම වැළැක්වීමට සමාන්තර ක්‍රියාමාර්ග ගතයුතු නොවන්නේද? ආණ්ඩුවේ ජනාධිපති ධුරය එක් පාර්ශ්වයකටත් අගමැති ධුරය තවත් පාර්ශ්වයකටත් හිමිවන තත්ත්වයක අප හොඳින් පාලනය වනු ඇතැයි කිසිවකුටවත් තේරුම් යයිද? අගමැතිවරයා සහ

ජනාධිපතිවරයා අතර අසංවිධිත හැලහැප්පීම් නිරීක්ෂණය කරන විට මේවා කවට නාටකවලට වඩා වෙනත් යමක් නොවේ. අප යහපාලනයට අයත් වූවන් වී තිබේ.

මේ ප්‍රශ්නය ගැන සිවිල් සමාජය, වෘත්තික ආයතන, දේශපාලන තීරුලිපි ලියන්නන් නිහඬව සිටීම විමතියට කරුණකි. සෑම ආයතනයකම දේශපාලනයේ, ව්‍යාපාරවල මෙන්ම නීති අංශ ආදී සියලු ක්ෂේත්‍රවල සෑම මට්ටමකම දූෂණය සහ කඳු ගණන් කසළ ගොඩගැසී ඇත. මේ කාරණාව ගැන සියලුදෙනා නින්දෙන්ම අරාජිකත්වය කරා ගමන් කරනු නිසැකය.

ආචාර්ය නිහාල් ජයවික්‍රම

(‘සන්ඩේ ඔබ්සවර්’ පත්‍රයේ පළවූ ලිපිය ඇසුරෙනි)

මාතෘකා