අතමිට සරු හෙටක් ගොඩනඟනවා

 ඡායාරූපය:

අතමිට සරු හෙටක් ගොඩනඟනවා

ගෝඨාභය රාජපක්ෂ

අභූත චෝදනා මත සිරගත කර සිටින හමුදා සෙබළුන් සියලු දෙනා නිදහස් කර බිය සැක නැති රටක්, අතමිට සරු හෙටක් ගොඩනගන බවට ජනතාවට සහතික වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා බාරදීමෙන් පසු ඊයේ (9) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති මංගල රැළිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ කෘෂි කර්මාන්තය තරුණයින්ට ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කර අලි - මිනිස් ගැටුම, අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබාදෙන ක්‍රමවේදයක් ඇති කරන බවය. එසේම පොහොර සහනාධාරයට රුපියල් 350ක මුදලක් අය නොකර නොමිලේම පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද පැවසීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මහත්වරු සහභාගී වූහ.-

මාතෘකා