හෙළ උරුමය ගෙයින් ගෙට යයි

හෙළ උරුමය ගෙයින් ගෙට යයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා දිනවීම සඳහා විවිධ පක්ෂ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් ඇතුළුව බිම් මට්ටමේ ඡන්ද පදනමක් සහිත පාර්ශ්ව සමග දේශපාලන සාකච්ඡා පැවැත්වීමට ජාතික හෙළ උරුමය දියත් කර තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡා මාලාව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට සහාය ලබා ගැනීම සම්බන්ධව අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් එම සාකච්ඡාවල ප්‍රගතිය හා සහාය දෙන පාර්ශ්ව සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ප්‍රකාශ කිරීමට නියමිත බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රකාශකයෙක් 'රැස' කළ විමසීමකදී පැවසීය

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා