දැනට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටිනවා

 ඡායාරූපය:

දැනට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටිනවා

හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්

දැනට ඉදිරිපත් වී සිටින හා ඉදිරිපත් වන්නට සිටින අපේක්ෂකයන් දෙස බලන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවත් ඔහු ජාතිවාදියකු නොවන බවත් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (29) යාපනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා වුවහොත් ඒ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව විශාල සතුටක් ලබන බව එහිදී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතාගේ දැනුම උගත්කම හා පියාගෙන් ලද දේශපාලන ආභාෂය නිසා ඔහුට හොඳ පාලනයක් ගෙන යා හැකි බවට තමන් විශ්වාස කරන බවත් විග්නේෂ්වරන් මහතා එහිදී අවධාරණය කළේය.

සජිත් මහතා දෙමළ විරෝධියකු බව පෙනෙන්නට නොමැති නිසා තමන් ඒ ගැන සතුටු වන බවත් සජිත් ප්‍රේමදාස මහතා නිවැරදි හා කාලෝචිත තීරණයකට එළැඹී ක්‍රියා කළහොත් උතුරු නැඟෙනහිර සියලු දෙමළ ජනතාවගේ සහාය ඔහුට ලබා ගත හැකි බවත් ඔහු එහිදී කීයා සිටියේය.

මාතෘකා