නීති වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ

 ඡායාරූපය:

නීති වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන්

රන්ජන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙන නමුත් නීතිය වෙනස් කිරීමට අයිතියක් නැති බව කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.

හැටන් නගරයේ පිහිටි කඳුරට ජනතා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා (25) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා හා දේශපාලන මණ්ඩල රැස්වීම අවසානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් මහතා මෙසේද පැවසීය.

“මේ රටේ නීතිය ස්වාධීනව තිබිය යුතුයි. එය තමයි ජනතාවගේද බලාපොරොත්තුව වන්නේ. එවන් අවස්ථාවක කිසියම් මන්ත්‍රීවරයෙක් හෝ පුද්ගලයෙක් නීතියේ ක්‍රියාත්මක වීම වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා නම් එය වැරදි ක්‍රියාවක් බව සියලුම ජනතාවගේ හැඟීම වී තිබෙනවා. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එවැනි කටයුත්තක් කර තිබේ නම් ඉදිරියේදී නැවත එවැනි කටයුතු සිදු නොවීමට කටයුතු කළ යුතු බවයි මගේ අදහස.

"එසේම දැන් රන්ජන් රාමනායකගේ හැසිරීම පිළිබඳව රටේ සියලු ජනතාව දැනුවත්. පාර්ලිමේන්තුවට දුරකථන ඇමතුම් සහිත සංයුක්ත තැටි ලබාදෙන බව පැවසුවත් ලබා නොදුන් බව තමයි අපටත් අනාවරණය වුණේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එමෙන්ම එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා මමත් බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ දේශපාලන අංශයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර මහතාත් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වනවා."

News Order: 
3
මාතෘකා