බැඳුම්කර වංචනිකයන් නීතිය හමුවට ගේන්න

 ඡායාරූපය:

බැඳුම්කර වංචනිකයන් නීතිය හමුවට ගේන්න

හඳුන්නෙත්ති ජනපතිට ලියයි

මහබැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

බැඳුම්කර ගනුදෙනුව රටේ සිදු වූ දැවැන්තම මූල්‍ය අපරාධය බවත් එයට අදාළව මහබැංකුව සකස් කළ වෝහාරික විගණන වාර්තාව විශේෂඥ දැනුමැති ආයතන සම්බන්ධ කරගනිමින් සකස් කළ එකක් බවත් පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව, මහබැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා විමර්ශන ඔස්සේද නෛතික පසුබිම ශක්තිමත් කර ඇති බවත් පෙන්වා දී තිබේ. බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට එරෙහිව විවිධ පුද්ගලයින්ගේ කලබල වීම්, රටින් පලායෑම්වලින් පෙනී යන්නේ අදාළ ගනුදෙනුවලට එරෙහි නෛතික ක්‍රියාවලිය අලළා ඔවුන් කෙතරම් කලබල වී සිටින්නේද යන්න බවත් ඒ අනුව වංචනිකයින් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

[ශිවන්ති ප්‍රනාන්දු]

News Order: 
1
මාතෘකා