රාජිත 17 වැනිදා අධිකරණයට

 ඡායාරූපය:

රාජිත 17 වැනිදා අධිකරණයට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 17 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර ඇත.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා නියෝග කළාය.

එම නියෝගය ප්‍රතිශෝධනය කර එය බලරහිත කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත ලබන 17 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර ඇත.

News Order: 
2
මාතෘකා