කුලල් කා නොගෙන සැවොම එක්ෙවමු

 ඡායාරූපය:

කුලල් කා නොගෙන සැවොම එක්ෙවමු

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිරීමට ගත් තීන්දුවට කුලල් කා නොගෙන සැවොම එක් වී සහාය දීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.

“නූපන් පරපුරට අයත් සම්පත් තමයි මේ අය විකුණන්නේ. අවුරුදු පහකට බලයට ඇවිල්ලා ඒ සම්පත් විකුණන්න ඒ අයට අයිතියක් නෑ. මේ අපේ රටේ සම්පත් විකුණන එක නතර කරලා විකිණූ සම්පත් ආපසු රටට ලබා ගන්න ගෝඨාභය දිනවන්න කියල මම ඉල්ලනවා. අපේ ආණ්ඩුවක් තුළ රටේ සම්පත් ආරක්ෂා කරනවා මිස විකුණන්නේ නෑ. මේ ආණ්ඩුවේ අස්ථාවරභාවය නිසා ආයෝජකයෝ එන්නේ නෑ. මේ අය ආපු ගමන් ව්‍යවස්ථාව වෙනස් කරලා රට විනාශ කළා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඡන්දය දුන්නු අයට ඒක දැන් පාරා වළල්ලක් වෙලා. අගමැති - ජනපති බල කඳවුරු හැප්පෙනවා. සාමාන්‍ය ජනතාව මේකෙන් තැෙළනවා. රටේ ආර්ථිකය කඩා වැටෙනවා. අපි රට ණය කළා කීවා. නමුත් අපි අවුරුදු දහයකදී ගත්තු ණය වගේ දෙගුණයක් මේ අය අවුරුදු හතරට අරන් තියෙනවා. නමුත් මේ ණය අරන් මොනවද කළේ. මේවා ගැන අපි හිතන්න ඕනේ. උතුරු නැඟෙනහිර අපි කරපු දෙයක් හැර මේ ආණ්ඩුව කරපු දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ රට සංවර්ධනය කළාට අනෙක් අයට පේන්නේ නෑලු. මේක හරියට රජ්ජුරුවන්ගේ රෙද්ද වගේ. ආණ්ඩුවට තව තියෙන්නේ දවස් කිහිපයක් පමණයි. ඔබේ නායකයා හැමදාම හරි පිලේ ඉඳලා තියෙනවා. ඒ නායකයා සමඟ එක්ව මේ රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය දිනවන්න ඕනේ.”

මාතෘකා