පසුගිය ආණ්ඩුවේ වැඩ නිසා අපි රටක් හැටියට ආපස්සට ගියා

 ඡායාරූපය:

පසුගිය ආණ්ඩුවේ වැඩ නිසා අපි රටක් හැටියට ආපස්සට ගියා

ඇමතිනී තලතා අතුකෝරළ

පසුගිය ආණ්ඩුවේ තිබූ හොරකම, නාස්තිය, දූෂණය හා වංචාව නිසා අප රටක් හැටියට ආපස්සට ගොස් ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (07) රත්නපුර රත්ගඟ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහිත නව දෙමහල් ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

“පහුගිය ආණ්ඩුවේ තිබුණු හොරකම, නාස්තිය, දූෂණය හා වංචාව නිසා අපි රටක් හැටියට ආපස්සට ගිහිල්ලා තියෙනවා. අපිට සන්තෝෂයෙන් කියන්න පුළුවන් අපි පැළවෙන මුල්ගල් තියන්නේ නැහැ. පළාත් සභාවල පැළවෙන මුල්ගල් තියන මහ ඇමතිවරුත් හිටියා. කලවාන රෝහලටත් ඒ වගේ මුල්ගලක් තියලා තිබුණා. 1990 ගිලන් රථ සේවය මේ රටට ගෙනාවා. මේකට මොකක්ද කිව්වේ, ඔන්න ඉන්දියාවේ වෛද්‍යවරු ගේන්න හදනවා කිව්වා. අර ඉන්නවානේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා එකක් කට ඇරියොත් කියන්නේ දේශපාලන වාසි ගන්න දෙයක්. මේ රටේ මිනිස්සුන්ට පිං සිද්ධ වෙන්න මේ අය රජයේ සල්ලිවලින් ඉගෙනගෙන තියෙනවා කියන එක අමතක කරනවා. හිතෙන හිතෙන වෙලාවට මොකක් හරි අල්ලගෙන වැඩවර්ජන කරනවා.

"අපිට පුළුවන් ඕනෑ තරම් ලොකු බෝඩ් ගහන්න. මේ ස්ථානයට එනකල් දිගටම බෝඩ් ගහන්න තිබුණා. එහෙම බෝඩ් ගහලා දැවැන්ත ව්‍යාපාරිකයන් වුණු පිරිසක් මේ රටේ ඉන්නවා. එදා ජනාධිපතිවරු ඇමතිවරු සහභාගී වුණු උත්සවවලට කෑම දීලා ධනවතුන් වුණු අය ඉන්නවා. එදා ටෙන්ට් එක, හට් එක කොළඹින් ගෙනල්ලා ගහලා ධනවතුන් වෙච්ච ව්‍යාපාරිකයන් පිරිසක් මේ රටේ ඉන්නවා. හැබැයි ඉතින් බොහොම සුළු ප්‍රමාණයක් එකතු වෙලා මේ රටේ තමුන්නාන්සේලාගේ මුදල් තමයි මේවාට වියදම් කළේ. එහෙම හැදුණු අයට තමයි මේ රජය හොඳ නැත්තේ.”

 

මාතෘකා