ශ්‍රීලනිපය හැර යන්නේ නැහැ

ශ්‍රීලනිපය හැර යන්නේ නැහැ

හිටපු ඌව මහ ඇමති චාමර සම්පත්

ඌව පළාතේ ජනතාවට මින් පෙර කිසිවකු නොකළ අයුරින් සේවාවක් කරන්නට ඉඩ ලැබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා බවත් එබැවින් කළගුණ දන්නා මිනිසකු ලෙස තමා ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කිසිදා හැර නොයන බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

බදුල්ලේදී පැවැති වෛද්‍යාධාර පිරිනැමීමේ උත්සවයකට සහභාගී වෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“ආණ්ඩු ඇති වෙනවා. නැති වෙනවා. දිනනවා. පරදිනවා. තනතුරු ලැබෙනවා. නැති වෙනවා. හැමදාම දිනමින් ඉන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකම මෑතකදී මට ලැබුණා. මුල සිටම එහාට මෙහාට පනින්නේ නැතිව පක්ෂය ආරක්ෂා කරගෙන ප්‍රතිපත්තිගරුකව හිටපු නිසයි ඒක ලැබුණේ. කවුරු ජනාධිපතිකම් කළත් අගමැතිකම් කළත් මැතිනිය ඉදිරියට ගෙනාපු පක්ෂයයි මේ.

1994 වෙනකල් එතුමිය පක්ෂය ඇදගෙන ආපු නිසයි ඔය කවුරුත් වැජඹෙන්නේ. ඒ නිසා හැමදාම තනතුරුවල ඉන්න බෑ. නැති වුණාම ගෙදර ඉන්න පුළුවන්. මොන දේ වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් හැර යන්නේ නෑ.”

[ආනන්ද හපුගොඩ]

මාතෘකා