ජනපති සටනට පෙරටුගාමීන්ගෙන් දුමින්ද නාගමුව

 ඡායාරූපය:

ජනපති සටනට පෙරටුගාමීන්ගෙන් දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා ඊයේ (9) නම් කරනු ලැබීය. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා වන්නේද ඔහුය. ඔහු 2015 වසරේදී පෙරටුගාමී පක්ෂය සහ වමේ පක්ෂ කිහිපයක එකතුවෙන් ගොඩනැඟූ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් විය.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් නිල වශයෙන් නම් කර ඇත. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කර නොමැත. කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වන බවට මැතිවරණ කොමිසමට සැල වී තිබේ. ඒ, ප්‍රධාන දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු හා හිටපු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව වශයෙනි.

[දිනුක මලින්ද හේරත්]

 

මාතෘකා