මහේෂ් අද ගම්පහ

 ඡායාරූපය:

මහේෂ් අද ගම්පහ

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ මංගල ජනරැලිය අද (9) පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 4.00ට ගම්පහ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම ජනරැලිය සඳහා ජාතික ජනතා ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශ්ව රැසක් සහභාගීවීමට නියමිතය.

---------

රට වෙනස් කරන්න සැලසුම් සදා අවසන්

මහේෂ් සේනානායක

රට ඉතාම කෙටි කාලයකදී වෙනස් කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විටත් පිඹුරුපත් සකසා අවසන් කර ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ඊයේ (9) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

පක්ෂ දේශපාලනය හේතුවෙන් රට මේ තාක් කාලයක් දුප්පත් ලෙස පැවති බවත් පක්ෂ දේශපාලනයෙන් තොර, රටට අවශ්‍ය දේශපාලන සංස්කෘතිය බිහි කළ හැකි කණ්ඩායමක් තමා වටා එක් වී සිටින බවත් ඒ මහතා එහිදී පැවසීය. තමන් ඇතුළු කණ්ඩායම පැමිණ සිටින්නේ දේශපාලකයන් ලෙස නොව දේශ සේවකයන් ලෙස බවත් එම වචනය ජනගත කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා තමා වටා සිටින පිරිස රටේ බුද්ධිමත්ම පිරිසක් බවත් සිවිල් සංවිධාන 30කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් තමා වටා එක්රොක් වී සිටින බවත් සඳහන් කළේය. ඔවුන් සමඟ එක්ව රට ඉතාම කෙටි කාලයකදී වෙනස් කළ යුතු ආකාරය පිළිබඳව වූ පිඹුරුපත් මේ වන විටත් සකසා අවසන් කර ඇති බව පැවසු මහේෂ් සේනානායක මහතා ලබන සතිය වන විට එය ජනගත කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේය. එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා සේම ඉන් නොනැවතී ඉදිරියටද මෙම ජනතා ව්‍යාපාරය ගෙනයාමට කටයුතු කරන බවත් පසුව ඉදිරි මහ මැතිවරණයටත් මෙම කණ්ඩායම් ඉදිරිපත් වීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාතෘකා