ජනාධිපතිගේ වැඩපිළිවෙළ අපි අගය කරනවා

ජනාධිපතිගේ වැඩපිළිවෙළ අපි අගය කරනවා

මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිසරය පවිත්‍ර කිරීමට ගනු ලැබ ඇති පියවර අගය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පෙරේදා (26) නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

රජයේ වියදම් අඩු කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ගයද අගය කළ යුත්තක් බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී නොසිටියත් රට වෙනුවෙන් සිදුකරන මෙම ක්‍රියාව තමන් අගය කරන බවත් හෙතෙම එහිදී කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සුබ පතන බවයි. එහිදී යම් ගැටලුවක් ඇතිවුවහොත් ඊට විසඳුම් සෙවීමටත් වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත් තමන් ඇතුළු පිරිසගේ සහාය ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර එක්තරා රූපවාහිනී නාලිකාවක පසුගිය දිනක විකාශය වූ වැඩසටහනකදී අතාවුල්ලා මහතා වතු ජනතාව අපහාසයට පත් කරමින් භාවිත කළ වචන තමන්ට දරාගත නොහැකි බවද කී ඒ මහතා එම කතාව තමන් හෙළා දකින බවද සඳහන් කළේය.

[චන්දන ජයවීර]

 

News Order: 
6
මාතෘකා