නවක ඇමතිවරු 15 දෙනෙක්

නවක ඇමතිවරු 15 දෙනෙක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (27) පළමුවරට ඇමති ධුරවල පත්වීම් ලැබූ සංඛ්‍යාව 15ක් වේ.

ඒ අනුව මොහාන් ද සිල්වා, විජිත බේරුගොඩ, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, විමලවීර දිසානායක, ජයන්ත සමරවීර, සනත් නිශාන්ත, තාරක බාලසූරිය, කංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ධ නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් වශයෙන් පත්වීම් ලදහ. රාජ්‍ය ඇමතිවරුන් 35ක්, නියෝජ්‍ය ඇමතිවරුන් 03ක් ඊයේ දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර ඒ අතරින් 15ක් පළමුවරට ඇමති ධුරවලට පත් වූවෝ වෙති.

[ශිවන්ති ප්‍රනාන්දු]

 

News Order: 
5
මාතෘකා