නව ජනපතිට ඇමති බදියුර්දීන්ගේ සුබ පැතුම්

 ඡායාරූපය:

නව ජනපතිට ඇමති බදියුර්දීන්ගේ සුබ පැතුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සුභාශිංසන පිරිනමන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (18) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

සමස්ත ශ්‍රී ලාංකීය ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව, විශ්වාසය හා ආරක්ෂාව ඇති වන ආකාරයෙන් අභිනව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළ කරන රිෂාඩ් බදියුදීන් මහතා, රටක් ලෙස මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීම සඳහා සියලු ජාතීන් සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් මුහුණදී රට සංවර්ධනය කරා ගෙන යෑමට අභිනව ජනාධිපතිවරයාට ශක්තිය ධෛර්ය ලැබේවා යැයිද ප්‍රාර්ථනා කරයි.

[තියේෂා ද සිල්වා]

News Order: 
14
මාතෘකා