ජනපති පදවි ප්‍රාප්තියට ඇමති හකීම්ගෙන් සුභාශිංසන

 ඡායාරූපය:

ජනපති පදවි ප්‍රාප්තියට ඇමති හකීම්ගෙන් සුභාශිංසන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් සුභාශිංසන පිරිනමන බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිවේදනය කළේය.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය සඳහා තීරණ ගැනිමේදී ජනාධිපතිවරයාට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන බව සිතන බවත් නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී නීතියේ ආධිපත්‍ය, රටේ පවතින විවිධත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් යනාදිය පෝෂණය කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදීම කාලයේ අවශ්‍යතාවක් වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
12
මාතෘකා