මැතිවරණයේදී ජනපති ස්වාධීන වීම අගය කළ යුතුයි

 ඡායාරූපය:

මැතිවරණයේදී ජනපති ස්වාධීන වීම අගය කළ යුතුයි

මැකොස

ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටිමින් ජනාධිපතිවරණය සඳහා ලබාදුන් සහයෝගය අගය කළ යුතු බවත් මෙවර ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා උපකාරී වූ ඡන්ද නිරීක්ෂකයින්, සිවිල් සංවිධාන, රජයේ ජ්‍යෙෂ්ඨ සහ දෛනික වැටුප් ලබන සේවකයින්, මාධ්‍යවේදීන් හා ඡන්ද හිමියන්ට තමාගේ ස්තුතිය පළ කරන බවත් ඊයේ (17) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති ජනාධිපති ධුර අපේක්ෂක විශේෂ හමුවේදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම මැතිවරණයේදී මැතිවරණ කොමිසන් සභාව අංශ කිහිපයකින් අසාර්ථක වූ බවත් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීමට නොහැකි වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය. රජයේ මාධ්‍යවල නීතිවිරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව මැතිවරණ කොමිසන් සභාවේ තිබෙන නීති අනුව ඉදිරියේදී කල යුතු බවත් පෞද්ගලික මාධ්‍ය ආයතනවල පාලනය කිරීමට නව නීති ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

 

News Order: 
9
මාතෘකා