වැඩි වාසි සජිත්ටයි

වැඩි වාසි සජිත්ටයි

-වික්ටර් අයිවන්

මෙවර ජනපතිවරණයෙන් ජය ලැබීමට සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඉඩක් තිබෙන බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය.

සෙසු අපේක්ෂකයින්ට එහා ගිය වාසි රැසක් සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන බවත් ඔහුගේ පියා කළ සේවාවන් ඉන් ප්‍රධාන තැනක් ගන්නා බවත් ඒ මහතා ඊයේ (06) මහනුවරදී මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් පැවසුවේය.

හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා මේ රටේ අන්ත දුප්පත් මිනිස්සුන්ට ගෙවල් ලබා දුන් බවත් එම ජනතාව එය අමතක නොකරන නිසා ඔවුන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. සමෘද්ධිය නමින් දැනට ක්‍රියාත්මක දිළිදු සහනාධාර වැඩසටහන සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පියා ආරම්භ කළ වැඩසටහනක් බවත් දුප්පත් ගැහැනු ළමයින්ට විවාහ වන තෙක් ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ලැබුණු ඇඟළුම් කර්මාන්ත ශාලා වැඩපිළිවෙළත් ඔහුගේම නිර්මාණයක් බවත් කී ඒ මහතා මේවා මිනිසුන්ගේ හදවත්වල රැඳී තිබෙන බවද අවධාරණය කළේය. එසේම වාර්ගික, ආගමික හා කුල වශයෙන් පීඩිත විශාල ජන පිරිසක් මෙරට සිටින බවත් ඒ අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව ලැබී තිබෙන බවත් වික්ටර් අයිවන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[අසේල කුරුළුවංශ]

News Order: 
8
මාතෘකා