ජාතික භෞතික සංවර්ධන සැලැස්මට ඇමෙරිකාවේ සම්බන්ධයක් නැහැ

 ඡායාරූපය:

ජාතික භෞතික සංවර්ධන සැලැස්මට ඇමෙරිකාවේ සම්බන්ධයක් නැහැ

 ඇමති පාඨලී චම්පික රණවක

රටේ ජාතික භෞතික සංවර්ධන සැලැස්ම සී.අයි.ඒ. මර උගුලක් ලෙසින් පිරිසක් සඳහන් කර ඇති බවත් එය සී.අයි.ඒ. මර උගුලක් නොවන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

වෝටර්ස් එජ්හිදී පසුගියදා පැවැති ඉංජිනේරුවන්ගේ විශේෂ හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලංකාවේ ජාතික භෞතික සංවර්ධන සැලසුමට ඇමෙරිකා එක්සත් ජනපදයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය මේ රටේ විද්‍යාඥයන් බහුතරයක් සම්බන්ධ වී සිදුකළ නිර්මාණයක් බවත් මෙහි ප්‍රධාන අරමුණ ලෙස රටේ භූමිය, රටේ ජනගහනය, ජනගහනයේ ව්‍යාප්තිය, ජනගහනයේ අධ්‍යාපන තත්ත්වය, ජලසම්පත ආදී සම්පත් දෙන බල ආර්ථික කොරිඩෝවන් හතරක් හඳුනාගෙන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව පළමු කොරිඩෝව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා, දෙවැන්න අම්බලන්ගොඩ සිට අම්බලන්තොටට, තෙවැන්න යාපනය සිට කිලිනොච්චියට, හතරවැන්න වාලච්චේන සිට අම්පාර දක්වා වන අතර විද්‍යාඥයන් සඳහන් කළ ආකාරයට මේ කොරිඩෝවන් හතර දෙසට ලංකාවේ උපරිම ජනගහනය පදිංචි වෙන පරිදි යටිතල පහසුකම් නැංවිය යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

[නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
5
මාතෘකා