සිවාජිලිංගම් ටෙලෝ හැර යයි

සිවාජිලිංගම් ටෙලෝ හැර යයි

ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා එම සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.

සිය ස්ථාවරය සහ තීරණය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ ලේකම් ශ්‍රීකාන්තා වෙත ඊයේ (03) ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දුන් බව එම්.කේ. සිවාජිලිංගම් මහතා ඊයේ (03) 'රැස' කළ විමසුමකදී පැවසීය.

තමන් ජනපතිවරණය සඳහා තරග කිරීම මුල් කරගනිමින් තමාට එරෙහිව පක්ෂයට පටහැනිව කටයුතු කීරීමේ චෝදනාවක් එල්ල කර, විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබීම මත පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස් වීමට තීරණය කළ බව තමා විසින් පක්ෂය වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇති බව මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් සිවාජිලිංගම් මහතා පැවසීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

 

 

News Order: 
12
මාතෘකා