ශ්‍රීලනිප නංවන්න විමුක්ති ගෙන්වන්නැයි ඉල්ලීමක්

ශ්‍රීලනිප නංවන්න විමුක්ති ගෙන්වන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් වර්තමානයේ තිබෙන බවත් එම ගැටලුව විසඳීම සඳහා විමුක්ති කුමාරතුංග මහතා ලබා දෙන ලෙසත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් තමන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ජනාධිපති අපේක්ෂක මිල්රෝයි ප්‍රනාන්දු මහතා පසුගිය 02 වැනිදා වෙන්නප්පුවේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාව තුළ බණ්ඩාරනායක ප්‍රතිපත්ති වළ දැමීමට ඉඩ දිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂය හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා වර්තමානයේ පාර්ලිමෙන්තුවේ සිටින්නේ බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නිසා බවත් මිල්රෝයි ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට තමන්ට උවමනා බව කී ඒ මහතා පක්ෂයෙන් ඉවත් වූ ජ්‍යෙෂ්ඨයින්ට 'හූ' කියන්නේ නම් පාක්ෂිකයන්ගේ තත්ත්වය කුමක් වේදැයි කියා විමසූ අතර විශේෂයෙන් දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවද වැඩිදුරටත් පැවසීය.

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

 

News Order: 
7
මාතෘකා