අපේ රටේ තිබෙන්නේ එක් නීතියක් පමණයි : අමාත්‍ය වජිර අබේවර්ධන

 ඡායාරූපය:

අපේ රටේ තිබෙන්නේ එක් නීතියක් පමණයි : අමාත්‍ය වජිර අබේවර්ධන

අපේ රටේ තිබෙන්නේ එක් නීතියක් පමණක් බවත් කුමන ජාතියක, ආගමක අයකුට වුවත් එය වෙනස් නොවන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් සිදුකරන ලද දේශනයකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“නැගෙනහිර පළාතේ ඇතැම් තැන්වල අරාබි අකුරු සඳහන් පුවරු තිබෙනවා කියා පැමිණිලි ලැබී තිබෙනවා. ඒ නිසා අගමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් උපදෙස් මත අපි චක්‍රලේඛයක් නිකුත් කරනවා සියලුම ප්‍රධාන ලේකම්වරුන්ට, දිසාපතිවරුන්ට, ප්‍රදේශීය ලේකම්වරුන්ට සහ පළාත් පාලන ආයතනවලට අරාබි අකුරු සඳහන් සියලු පුවරු රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා ගලවා දමන්න කියා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාවිත කරන්න පුළුවන් භාෂා තුනයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පමණයි. අරාබි භාෂාවෙන් පුවරු සවිකර තිබෙනවා නම් ඒවා ගලවා දැමිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුයි.

“ඒ විතරක් නෙවෙයි මේ රටේ නීති දෙකක් තිබෙන්න බෑ. අපේ රටේ තියෙන්නේ එක නීතියයි. මොන ආගමිකයාට වුණත් ඒ නීතිය පමණයි. ෂරියා නීතිය මෙහේ බෑ. ගල් ගහලා මරන ඒවා, බෙල්ල කපා මරන ඒවා මෙහේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් තිබුණා. 2010 සිට 2015 දක්වා මේ රටේ පාර්ලිමේන්තුවේ හදිසි පනත් කිහිපයක් සම්මත කරගෙන. මේ පනත් ඇතුළේ ශරියා නීතිය තිබෙනවා. ඇතැම් ගැසට් පවා නිකුත් කරලා තිබෙනවා. අපි දැන් රජයක් ලෙස මේ ගැසට් සියල්ල අවලංගු කරනවා. ඒ වැරදි විධියට සම්මත කරපු පනත් සියල්ල සංශෝධනය කරනවා. මේවා රජය කඩිනමින් කරන්න අවශ්‍ය පියවර ගන්නවා.”‍

මාතෘකා