20 සම්මත කරගන්න පුළුවන් - ජවිපෙ

 ඡායාරූපය:

20 සම්මත කරගන්න පුළුවන් - ජවිපෙ

පවතින දේශපාලන වාතාවරණය හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ඉඩකඩක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා ගුවන්විදුලි නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් ඒ බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරද්ධ කිනිතුල්ලන් කිහිප දෙනකු පොදුජන පෙරෙමුණේ සිටින බවයි. එසේ වුවද මහින්ද පිලේ සිටින බොහෝ මන්ත්‍රීවරු විධායක ජනාධිපති ධුරයෙන් බැට කෑ අය බැවින් පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට බවද හෙතෙම සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම සංශෝධන යෝජනාව ඉදිරියේදීද න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමටද නියමිතය.

[උපුලි ජයරත්න]

 

 

මාතෘකා