ආණ්ඩුවත් ඇමතිවරුත් වැඩ කරන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ ආදර්ශ අනුවයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

ආණ්ඩුවත් ඇමතිවරුත් වැඩ කරන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ ආදර්ශ අනුවයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ආණ්ඩුව තුළත් ඇමැති මණ්ඩලය තුළත් ලිච්ඡවි රජදරුවන්ගේ ආදර්ශ අනුව වැඩ කටයුතු සිදු කරන බවත් කිසි විටක කිසිවෙක් එයින් ඈත් වී නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විවිධ දේශපාලනයන් හුරු වූ රටක සියලු දෙනාම එක ආකාරයට එම අරමුණ කරා ගමන් නොකරන බවද අගමැතිවරයා කියා සිටියේය.

පනස් හත්වන (57) වරටත් පවත්වනු ලබන ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජා පුණ්‍ය උත්සවයේ දෙවන දිනය වන පොසොන් පොහෝදා (16) ආලෝක පූජා පුණ්‍ය උත්සවය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

"අනුබුදු මිහිදු මා හිමියන් වැඩමවීමෙන් අප රටේ බෞද්ධාගමේ ආරම්භය ඇති වුණා. විශේෂයෙන් පණ්ඩුකාභය රජතුමාටත් පෙර අපේ සිංහල ජනතාව ඇවිත් ජීවත් වුණේ මල්වතු ඔය දෙපස. මල්වතු ඔය දෙපැත්තේ මේ ශිෂ්ටාචාරය ආරම්භ වුණා. පසුව යාංඔය වගේ ශිෂ්ටාචාර පැමිණියා. විශේෂයෙන් මල්වතු ඔය සංවර්ධන ව්‍යාපාරය පිළිබඳ අපි අපේ අවධානය යොමු කරලා තිබෙනවා.

"මල්වතු ඔය ජලාශයත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. යාංඔය අරම්භ කර තිබෙනවා. දැනට මල්වතු ඔය ජලාශය ආරම්භ කරලා මල්වතු ඔය, මිහින්තලය, අනුරාධපුරය එක්ක අපේ මූලික ශිෂ්ටාචාරයේ මුලාරම්භය‍ බලන්න, ඉතිහාසය දැන ගන්න අපේ සියලු දෙනාට අවස්ථාවක් ලැබෙනවා." යැයිද හෙතම වැඩිදුරටත් පැවසිය.

මාතෘකා