එජාප ජනපති අපේක්ෂකයා ගැන සභාපතිගෙන් ඉඟියක්

එජාප ජනපති අපේක්ෂකයා ගැන සභාපතිගෙන් ඉඟියක්

මෙවර ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂය පහසුවෙන් ජයගන්නා බවත් ඒ ජයග්‍රහණය ලබාගන්නේ කෙසේද කියා ඉදිරියේදී දැනගත හැකි වනු ඇති බවත් එජාප සභාපති, හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැකීමෙන් පසු අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, ලබන ජනවාරි මාසය වන විට රටේ ප්‍රධාන පුටුවෙහි වාඩි කරවනුයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු බවයි.

එම අපෙක්ෂකයා කවුරුන්ද යන්න නිසි වෙලාවට ප්‍රකාශ කරන බවත් ඔහු රටේ සියලුම ජනතාව ඉල්ලා සිටින අපේක්ෂකයා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මාතෘකා