වන් මෑන් ෂෝ, වන් ෆැමිලි ෂෝවලින් රට ඉදිරියට ගෙනියන්න බැහැ : අමාත්‍ය පාඨලී චම්පික

 ඡායාරූපය:

වන් මෑන් ෂෝ, වන් ෆැමිලි ෂෝවලින් රට ඉදිරියට ගෙනියන්න බැහැ : අමාත්‍ය පාඨලී චම්පික

"මේ රට ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1019 නම් අපි හැමෝටම කියන්න පුළුවන් 1050 කොහොමට තියෙයිද කියලා. පන්සල කොහොමද රාජධානිය කොහොමද ගොවියා කොහොමද කර්මාන්තකරුවා කොහොමද කියලා අපිට කිසි අපහසුවක් නැතිව කියන්න පුළුවන්. හැබැයි අද 2019 ඉඳගෙන 2050 කොහොම වෙයිද තියා 2030 කොහොම වෙයිද කියලවත් අපට කියන්න බැහැ. එච්චර වේගයෙන් මේ ලෝකය, මේ සමාජය, මේ තාක්ෂණය, මේ මනුෂ්‍ය වර්ගයා වෙනස් වෙමින් තිබෙනවා.

අද මේ රට වන් මෑන් ෂෝ හරි වන් ෆැමිලි ෂෝවලින් හරි ගෙනයාමට නොහැකි බවත් රට ඉදිරියට ගෙනයාමට නම් සාමූහික නායකත්වයක්, විවිධ වෘත්තීන්ගේ නියෝජිතත්වයෙන් යුතු වෘත්තීය නායකත්වයක් රටට අවශ්‍ය බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (24) අවිස්සාවේල්ල සීතාවකපුර වාණිජ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාණිජ සංකීර්ණය රුපියල් මිලියන 500ක වියදමින් මහල් දෙකකින් හා කඩ කාමර 84කින් යුක්තව ඉදිකිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"මේ රට ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1019 නම් අපි හැමෝටම කියන්න පුළුවන් 1050 කොහොමට තියෙයිද කියලා. පන්සල කොහොමද රාජධානිය කොහොමද ගොවියා කොහොමද කර්මාන්තකරුවා කොහොමද කියලා අපිට කිසි අපහසුවක් නැතිව කියන්න පුළුවන්. හැබැයි අද 2019 ඉඳගෙන 2050 කොහොම වෙයිද තියා 2030 කොහොම වෙයිද කියලවත් අපට කියන්න බැහැ. එච්චර වේගයෙන් මේ ලෝකය, මේ සමාජය, මේ තාක්ෂණය, මේ මනුෂ්‍ය වර්ගයා වෙනස් වෙමින් තිබෙනවා. අපි දන්නවා ගිය විසිවැනි සියවසේ මුල් භාගයේදී ලංකාවේ මිනිසකුගේ ආයු කාලය අවුරුදු 40යි. අද අවුරුදු 80යි. සමහරවිට මේ සියවස අවසන් වන විට මිනිසකුගේ ආයු කාලය අවුරුදු 150 වෙන්නත් පුළුවන්.

"ඒ වගේ වාතාවරණයකට මේ ලෝකය, මේ රට, මේ තාක්ෂණය ශීඝ්‍රයෙන් ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා මේක පැරණි තාලයට, පැරණි ක්‍රමයට, පැරණි ආකාරයට මේ රටට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. අතීතයේ තිබුණා වගේ නෙමෙයි අද අලුත් සමාජ පන්ති, අලුත් තරුණ පන්ති ඒ සමඟම ගොඩනැඟුණු සමාජ ජාලාවන්, විද්‍යාත්මක ජාලාවන් තාක්ෂණික ජාලාවන්, විදේශ රටවල්වලට කර තිබෙන විවෘතභාවයන් සමඟ අද ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා මේ රටේ සමහරු කල්පනා කරනවා එක පවුල් ෂෝ එකකින්, එහෙම නැත්නම් වන් මෑන් ෂෝවලින් මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් කියලා. අද මේ රට එහෙම වන් මෑන් ෂෝ හරි වන් ෆැමිලි ෂෝවලින් හරි ගෙනියන්න බැහැ. අද මේ රට ඉදිරියට ගෙනියන්න නම් අපට අවශ්‍යයි සාමූහික නායකත්වයක්. විශේෂයෙන්ම විවිධ වෘත්තීන්ගේ නියෝජිතත්වයෙන් යුතු වෘත්තීය නායකත්වයක් අද රටට අවශ්‍යයි.

"අර ණය බර ටික ඉදිරි වසරවලදී ගෙවලා මේ රටේ ආර්ථික බලය ජවමත් කරලා, සවිමත් කරලා මේ රටේ දරුවන් රටෙන් පැනලා යන එක නවත්වලා මේ රට තුළ දරුවන්ට රැකියා අවස්ථා සහ ආත්ම ගරුත්වය ඇති කරලා සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන් ශක්තිමත්, පිරිච්චි ආතතිවලින් තොර ජනතාවක් ගොඩනැඟීමේ අභියෝගය වන් මෑන් ෂෝවලට, වන් ෆැමිලි ෂෝවලට කරන්න බැහැ. ඒකට අපට අවශ්‍යයි විශාල වශයෙන් සාමුහික ප‍්‍රයත්නයක්, සාමූහික ක්‍රියාදාමයක්. අන්න ඒ ප්‍රජාතාන්ත්‍රික වටපිටාවටයි අපි එන්නේ. අන්න ඒ ප්‍රජාතාන්ත්‍රික ගමනයි අපි යමින් ඉන්නේ. ඒ සඳහා සියලු දෙනාගේම බලගතු මැදිහත්වීමක් අද අපට අවශ්‍ය වෙලා තිබෙනවා. කාටහරි ඕනේ නම් රටේ ආදායම වැඩි කරගන්න හැටි, ආදායම වැඩිකරගන්න ගමන් සංවර්ධනය කරගන්න හැටි අපේ අමාත්‍යාංශයෙන් ඉගෙන ගන්න කියලා ඒ අයට කියනවා. රට ගැන අනාගත බොරු හීන මවන්නේ නැතිව ඉන්න කියනවා. ඒ නිසා මේ රටේ ඉපදිලා, මේ රටේ පුරවැසිකම් ලබලා, මේ රටේ මියයන මිනිසුන් හැටියට, අපි නියම දේශපේ‍්‍රමීන් හැටියට මේ රට ඉදිරියට ගෙනියන්න ඕනෙ නම් මේ රටේ සෑම ජන කණ්ඩායමක්ම, සෑම වෘත්තීය ක්ෂේත්‍රයක්ම, සෑම සමාජ කණ්ඩායමක්ම බලවත් කළ යුතුයි.

මාතෘකා