දයාසිරිගෙන් පොහොට්ටුවට ප්‍රහාරයක්

 ඡායාරූපය:

දයාසිරිගෙන් පොහොට්ටුවට ප්‍රහාරයක්

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපිත් එක්ක එකතු වුණා කිව්වට අඩුම තරමේ අපට ප්‍රාදේශීය සභාවක් හරහා බල්බ් එකක් දාගන්න, පාරකට බොරළු ටිකක් දාගන්න, මෝටර් ග්‍රේඩරයක් ගන්න ඒ අයගේ සහයෝගයක් දෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත කථාව" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පා. ම. දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පසුගිය සිකුරාදා (01) පැවැත්වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ පළමු රැස්වීමට අනුරාධපුරයේදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. රැස්වීමට පැමිණි පාක්ෂිකයින් අමතමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නොසිතූ ලෙස අපේ පක්ෂය 03 වැනි තැනට වැටුණා. මේ සියලු දේ හිතේ තියාගෙන හදවතේ කැකෑරෙන දුක, කඳුළ හිතේ තියාගෙන තමයි තමුන්නාන්සේලා මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. දුමින්ද දිසානායක මැතිතුමා සියලු බර එතුමන්ගේ කරට ගත්තා. එතුමා කිව්වා මම මේක විසඳගන්නම් කියලා. ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක කථා කරන්න කියලා. 2015 ජනාධිපතිවරණයේදී මෙතන ඉන්න බහුතරයක් අපි එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයාට වැඩ කෙරුවේ. අපි බෙදුවේ නැත්තේ මොනවාද, සිල් රෙද්දත් බෙදුවා, ගමේ ජන්ද මධ්‍යස්ථානයට කැරම් බෝඩ් එකත් බෙදුවා, ප්‍රාදේශීය සභාවට කොඩි කණු ටිකත් බෙදුවා. බෙදුවේ නැත්තේ යට ඇඳුම් විතරයි. හැබැයි පරාදයි. බෙදලා ජන්ද දිනන්න පුළුවන් නම් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනන්න ඕන. හැබැයි දිනුවේ නෑ පැරදුණා. ඊට වඩා වෙනත් බලවේගයක් ජයග්‍රහණය කළා. ඒ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ නායකත්වයෙන්. දිනන - පරදින එක තීරණය වෙන්නේ නෑ ඡන්දවලට පාරවල් හදලා, පාලම් හදල, බඩු බෙදලා. මගේ දේශපාලන ජීවිතයේ අත්දැකීම් එක්ක අපි ජයග්‍රහණය කළේ ඒවා නොබෙදායි."

අනුරාධපුර අතිරේක [අමිල ප්‍රභාත් වනසිංහ]

මාතෘකා