මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සුහදව කටයුතු කරනවා වා නිදහස වඩාත් විධිමත් කිරීමට පියවර ගන්නවා

 ඡායාරූපය:

මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සුහදව කටයුතු කරනවා වා නිදහස වඩාත් විධිමත් කිරීමට පියවර ගන්නවා

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ඉදිරියේදී මාධ්‍යවේදීන්ගේ කටයුතු සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (30) මාතර පැවැති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“අපේ තොරතුරු නිවැරදිව ජනතාවට සන්නිවේදනය වන ආකාරයට සහ ජනතාවට එම තොරතුරු නිදහසේ විඳගැනීමට හැකිවන ආකාරයට, හැම කෙනාගේම මානව අයිතිය සුරැකෙන ආකාරයට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ”

“ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න කලින් මේ රට තුළ "ගෝඨා බය" කියන එක ඇති කරන්න කටයුතු කළා. ඒ නිසා අපි මේ දේ හරියට කරගෙන යනකොට ජනතාවට කියපු ආකාරයට බියක් ඇති කරගන්න කිසිම හේතුවක් නැහැ. අපි මේ වැටිච්ච රට නැවත ගොඩගන්න කටයුතු කරනවා.”

“එහිදී මාධ්‍යවේදියාගේ සහ මාධ්‍ය නිදහස දැන් තියෙන තත්ත්වයට වඩා විධිමත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.”

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන බැලුවොත් අපේ ඉදිරි වැඩපිළිවෙළ හොඳට පේනවා. අපේ පළමු කැබිනට් රැස්වීමෙන්ම වැට් බද්ද අඩු කළා. උපයන විට ගෙවන බද්ද අඩු කළා. ඒ වගේම බදු සහන ඇති කළා.”

“ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ පිටරටින් ගෙන්වන එක නතර කර තිබෙනවා. මිශ්‍ර කරන්න තේ ගෙන එන එක නතර කරනවා. ජනතාවගේ ආර්ථිකයට බාධා වෙන දේවල් පිටරටින් ගෙන්වන එක නවත්වනවා.”

ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ සහන පැකේජය ලබා දීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා. පසුගිය රජයේ ඇමතිවරු පත්කිරීමේදී අමාත්‍යාංශ වෙන් කරන්න, ලේකම්වරුන් පත් කරන්න සෑහෙන කාලයක් ගතවුණා. ඇමතිවරුන්ට විෂය පථයන් වෙන් කිරීමේදී මාස ගණනක් කල් ගියා.”

“මේ සියල්ල වෙනස් වී දැන් කඩිනම් රටක් සහ වෙනස්කම් සහිත රටක් නිර්මාණය වෙමින් පවතිනවා’’

News Order: 
1
මාතෘකා