අපි ගෙනෙන්නේ චෝදනා නැති අපේක්ෂකයෙක්

 ඡායාරූපය:

 අපි ගෙනෙන්නේ චෝදනා නැති අපේක්ෂකයෙක්

අමාත්‍ය කබීර් හෂීම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දූෂණ නඩු, මහජන මුදල් සොරාගැනීම් ඇතුළු චෝදනා රැසකට අධිකරණය හමුවේ විත්තිකරුවකුව සිටින තම සහෝදරයා තම පක්ෂයේ නීතිවිරෝධී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී දේශපාලන කුමන්ත්‍රණයක් මඟින් රාජ්‍ය බලය උදුරා ගැනීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීන්දු මත එය වැළකී ගිය නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් අගෝස්තු මස අවසානයේදී තෝරා ගැනීමට කටයුතු කරන බවත් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවට ලොව කිසිදු රටකට හෝ රාජ්‍යයකට පක්ෂපාතීත්වය පළ කළ පුද්ගලයෙකු නොවන බවද පැවසුවේය. එසේම ඔහුට මහජන මුදල් සොරා ගැනීම, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම ආදී චෝදනා නොමැති බවත් එම පුද්ගලයා සියලු පුද්ගලයන් ගෞරවයෙන් පිළිගන්නා අයෙකු බවද සඳහන් කළේය.

මාතෘකා