මහින්ද පිලෙන් ගෝඨා නම් කෙරේ

 ඡායාරූපය:

මහින්ද පිලෙන් ගෝඨා නම් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය ඊයේ (11) පස්වරු 3.00ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම සිදුවිය.

මෙම සමුළුවට එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා