ශ්‍රීලනිපයට විකල්ප තියෙනවා

ශ්‍රීලනිපයට විකල්ප තියෙනවා

 දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එජාපය හැර විකල්ප ඕනෑ තරම් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු දැමූ පමණින් එය ජයග්‍රහණය කළ නොහැකි බවත් ඒ සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සුළු ජන කොටස්වල ආශිර්වාදය අවශ්‍ය බවත් පැවසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවරදාකවත් ජාතිවාදී පක්ෂයක් නොවූ බවයි.

මාතෘකා